කතෘගෙන් …………………
සත්ව හිංසනය ගැන නොයෙකුත් කතා අසන්නට ලැබෙන මේ කාලය තුල සුනඛයෙක් ගැන ළමා කතාවක් ලිවීමට සිත් විය.
සුනඛයා ඉතිහාසයේ පටන්ම මිනිසාගේ මිතුරෙකු වූ අතර වරෙක මිනිසාගේ ආරක්ෂාකයද විය. කව්රුත් හඳුනා නොගත්තද, කාලයක් වෙන්ව සිටීමෙන් පසුව වුවද සුනඛයා තම ස්වාමියාව හඳුනා ගැනීම පුදුම සහගතය.
ඉතින් ආදරණිය අම්මේ, තාත්තේ, නැන්දේ, මාමේ, අයියේ, අක්කේ, දුවේ, පුතේ,
අප සැමගේම ජිවිත වලට හුඟාක්ම සමීප පුද්ගලින් සේම සුරතල් සතුන්ද සිටි. එයින් සුනඛයා යන සත්වයා බොහෝ සෙයින් අප ජිවිත වලට ලං අයෙකු වන නිසාත් පුංචි සන්දියේ සිටම හොඳම මිතුරෙකු වූ ඔහු පිළිබඳව මතකයන් අවදි කරන්නට සිතුවෙමි.
මෙම පොත් පිංච කියවීමේදී ඔබටද ඔබේ සුරතලා පිළිබඳව නොයෙකුත් මතකයන් සිතට නැගෙනු ඇතැයි සිතමි.
කකුල් හතරකින් ගමන් කලත්, සත්වයෙකුට වුවද ආදර කරුණාව දැක්වීමට දෙවරක් නොසිතන්න. ඔබගේ සමීපතම මිතුරෙකුසේම ආරක්ෂකයෙකුද වන ඔහු අප ජිවිත වල කොටස් කරුවෙකු වනු ඇත.
මෙම පොත් පිංච ලිවීමට නොයෙක් අයුරෙන් උදව් උපකාර කල සියලුම දෙනාට ස්තුති වන්ත වෙමි.
නිරෝෂා වනිගසේකර