කාරයේ ගමන
මම දැන් හිටියට වඩා ලොකුයි. ටිකක් උසත් ගිහිල්ලා. ”නි” කොහේ හරි යන්න වගේ සුදානම.
”ඉක්මනින් ඇඳ ගන්න” කියලා පියා කියනවා අසුනේය.
”චාලි, ඔයත් අද යමු අපිත් එක්ක. එනවා නේද? ”නි” මගෙන් ප්‍රශ්ණ කලාය.
”බව් වව්” මාද එයට කැමැත්ත පල කලෙමි. ම්……………, ඇත්තටම කොහෙද යන්නේ?
”නි” ගෙ පියා කාරය රැගෙන ගේට්ටුව අසලට පැමිණියේය. ”චාලි එන්න. ඔයා ඉස්සරහින් නගින්න.” කියමින් ”නි” කාරයේ ඉදිරිපස දොර විවරකර මා නැගගත් පසු එය වැසුවාය.
ඇයද පිටුපස අසුනෙහි අසුන් ගත්තාය.
ඉතා ආඩම්බරයෙන් සහ ගාම්භීරව ඉදිරි අසුනෙහි මා හිඳ ගෙන ගියෙමි. මේ අතරතුර අතීතයේ දී සිදුවූ එක් සිදුවීමක් මාගේ සිතට ඇදී ආවේය.
එනම්, මා පුංචි සන්දියේදී මෙසේ කාරයේ ගමන් කලද එය මා හට එතරම් ප්‍රියජනක වුයේ නැත. එහෙත් ”නි” නම් සතුටු වුයේය.
ඇයිද කිවහොත්, එදාද මෙසේම ඉදිරිපස අසුනේ අසුන් ගත්තද වාහනයේ තිරිංගය තද කරන විටත්, වහනය නවතන විටත් මා අසුනේ සිට රෝල්වී බිමට වැටුන නිසාය. එයට හේතුව වුයේ මා පුංචි නිසාවෙනි. එවිට ”නි”’මාව ඔසවා යලිත් අසුනේ තබයි. නැවතත් තිරිංග තද කරන විට මා රෝල් වී ගොස් ඉදිරියට වැටෙයි. කෙඳිරි ගාමින්ම අසුනට නැග ගැනීමට වෙර දැරුවද එයද අසාර්ථක වුනි.
”චරාස්” තිරිංගය ඉතා වේගයෙන් තද වී වහනය නතර වුනි. අද නම් මා වැටුනේ නැත. එහෙත් එවිටම මා පියවී ලොවට පිවිසියේය.
මාර්ග සංඥා පුවරුවේ රතු පට වැටී ඇත.මිනිසුන් පර එහා මෙහා මාරුවෙන වෙලාව. මා නිසොල්මන්ව එදෙස බල සිටියෙමි.පාසල් යන ළමුන් පිරිසක් මා පෙන්වා මොනවදෝ කියමින් අත් වනන්නෝය. කාරය ලඟට විත් ”ආනේ….., ලස්සන බල්ලෙක්. නම මොකක්ද?” කියමින් සිනාසෙන්නෝය. එහෙත් මා නම් නිසොල්මන්ය.
මේ අතරතුර කවුදෝ කෙනෙක් ”නි” ගෙ දෙසට අත දිගු කරනවා වාගේ මට පෙනුනි.
එසැනින්ම මා ක්‍රියාත්මක වුනෙමි.බුරමින්ම මාගේ දත් උලුප්පා පෙන්වමින් නොනවත්වාම බුරන්න ගත්තෙමි. මගේ යාළු ”නි” ට කරදරයක්වත්ද? මා හට තරහ ගියෙමි.
මෙසේ නොනවත්වාම බුරන්නට ගත් මා දෙස හැමෝම පුදුමයෙන් මෙන් බලා සිටී. සංඥා පුවරුවේ කොළ පාට වැටෙත්ම ”නි” ගෙ පියා වාහනය ඉදිරියට ගෙන ගියේය. නමුත් මා එදෙස බලාගෙනම බුරමින්ම සිටියෙමි.
”චාලි, හරි, හරි; දැන් බුරන්නේ නැතුව ඉන්න. කරදරයක් නෑනේ.” කියමින් ”නි” මගේ හිස පිරිමැද්දාය. මාද ටිකෙන් ටික සන්සුන් වුයෙමි.
පසුව මා ඉදිරි අසුනෙන් පැන ”නි” සිටි පිටුපස අසුනට පැමිණ ඇය අසලින්ම හිඳ ගත්තෙමි.
ඇය මා ලඟ ආරක්ෂා සහිතයි කියා මා හට හැගුනෙමි. ඇයද මාගේ පැමිණීමට සතුටු බව අඟවමින්ම මා තුරුළු කර හිස පිරිමදින්නට විය.
ගමන අවසන් කර ගෙදර පැමිණෙන තුරුම මම ”නි” අසලටම වී සිටියෙමි. ඇඟපතින් තවම පුංචි වුවත් මාගේ ස්වාමියාව ආරක්ෂා කල යුතු බව හොඳටම වැටහුණි.
මේ වුන සිද්ධිය ගෙදරවිත් ”නි” මවට පවසා සිටි මොහොතේ පුදුමයෙන් මෙන් අසා සිටියත් පසුව සිනාසෙමින් ඇයද මාගේ හිස පිරිමැද්දාය.