ගෙදරට පැමිණීම
”නි” ගෙ පවුලේ ඉන්නේ අම්මයි,තාත්තයි, නි විතරයි. දැන් මම ආවට පසු මමත් පවුලේ සාමාජිකයෙක් වුනෙමි. එත් ඇත්තම කියනවා නම් ටික දවසක් යනතුරුම මට මගේ අම්මව, තාත්තව සහ පවුලේ අයව මතක් වුනා. මම ගොඩාක් හිතින් දුක් වුනෙමි. නමුත් එක දවසක් සිදුවුනු පුංචි සිදුවීමකින් ඒ හැමදේම අමතක කරන්න සිතුවෙමි. දන්නවද ? ඒ මොකක්ද කියලා ?
ඔන්න එදා ගොඩාක් සීතල දවසක්. ගෙදර හැමෝම නිදි. මමත් මගේ පුංචි ඇඳේ නිදි. එක පාරටම මම හීනෙන් බයවෙලා හයියෙන් කෑගහන්න ගත්තෙමි. මම මගේ ඇඳේ එහාට මෙහාට පෙරලිපෙරලී ඇඩුවෙමි. මට පුළුවන් හයියෙන් එදා රෑ මම කෑගැසුවෙමි. ඉතිං මගේ හඬ ඇසී ”නි” දුවගෙන විත් මාව වඩාගෙන ”අයි ඔයා කෑගහන්නේ ” කියා ඇසුවාය. එත් මම නෙමේ කෑගැසිල්ල නතර කලේ. මෙසේ කිහිප වරක්ම ප්‍රශ්න කලද මම මාගේ කෑගැසිල්ල නතර කලේ නැත. පසුව ”නි” මාව රැගෙන විත් ගෙදර සාලයේ තිබුන ලොකුම ලොකු සෙටිය උඩ තබා රෙද්දක් ගෙනවිත් මාව පොරවා ඇයත් මා අසලම හිඳ ගත්තාය.
නමුත් මා තැතිගත් බිය තවමත් පහව ගියේද නැත. මාගේ මව සිහි වුනෙමි. ඇය සිටියා නම් මා ඇගේ ඇකයේ සිටිනු නොඅනුමානයි. මා සිටි තැනින් නැගිට කෙඳිරි ගාමින්ම දුව ගෙනවිත් ”නි” ගේ ඇඟේ දැවටුනෙමි. නැවතත් ඈ මා සිටි තැනින් තබා රෙද්දෙන් පෙරෙව්වාය. නමුත් මා නැවතවිත් ඇයට තුරුළු වුනෙමි.
අවසානයේදී ”නි” අසලින්ම සිට කෙදිරිගමින්ම මට නින්ද ගියේය. එදා මුළු රෑම ”නි” ටද සැටියෙම නින්ද ගොස් සිටියාය. ඇය මා තනිකර නොගොස් මා අසලටම වී සිටි බව පසුදා උදෑසන අවදිවෙත්ම මා නෙත ගැටුනෙමි. ඉතිං යාළුවනේ, මම සිතුවා කවමදාකවත් ”නි” ව තනි කරලා නොයන්න. ”නි” ට මම ගොඩක් ආදරෙයි.