නම් තැබීම
අද නම් ගෙදර රැස්වීමක් වගෙයි පෙනෙන්නේ. ”නි” ගේ අතේ පෑනකුත් කොළයකුත් තියෙනවා. තාත්ති අම්මි දෙන්නත් ඉන්නවා. තව අළුත් කෙනෙකුත් ඉන්නවා. කවුද කියලනම් දන්නේ නැහැ. එයාව නම් මම මීට කලින් දැකලත් නැහැ.

ආ………….., මාමා කියනවනම් ඇහුනා. හැමෝම ලොකු කථාවක වගෙයි පෙනෙන්නේ. මෙයාලගේ මේ සද්දේ අසුන නිසා තමයි මමත් හෙමිහිට දුවගෙන සාලයට අවේ. මාව දැක්ක ගමන්ම ”ඔහොම ඉන්න, ඔහොම ඉන්න” කියලා ”නි” කීවාය. මම ඉතිං හිඳ ගත්තෙමි.
හතර දෙනාම මාරුවෙන් මාරුවට මොනවදෝ කියනවා. මටනම් තේරෙන්නේ නැහැ. එක වෙලාවකට ”මේක හොඳද ? නැහැ, නැහැ. එහෙනම්……., මේක කොහොමද? අපෝ නැහැ. කැතයි. ඔය වගේ දේවල් කියනවා. ටිකකින් හතරදෙනාම නිශ්ශබ්දයි. නැවතත් සුපුරුදු ලෙසම.
ආ………, දැන්නේ මට තේරුනේ. මෙයාල මට නමක් හොයනවා. ඇත්තටම මේ වනතුරුම මට නමක් නැහැ. එකත් හොඳයි.
මට නමක් ලැබෙන නිසා දැන්නම් ඉතා ඕනෑකමින් අහගෙන ඉන්න ඕනා. මොකද මට ගැලපෙන නම ලස්සන වෙන්නත් ඕන නිසා.
සෑහෙන වෙලාවක් යනතුරුම නමක් හොයා ගන්න බැරුව ගියා. ”අනේ ඇත්තටම මෙච්චර නම් තියෙන මේ ලෝකයේ මට නමක් හොයා ගන්න බැරි හැටි. මට නම් දැන් එක තැනකට වෙලා ඉඳලාම එපා වෙලා. මම මේ හිතන්නේ…… මටමොන වගේ නමක්ද හොඳ?” ”ඔයාලා හිතන්නේ මොනවද? මට මොනවගේ නමක්ද හොඳ?
මේ අතරතුර නොයෙක් යෝජනා ඉඳිරිපත් කලද ඒ කිසිවක් හරි ගියේ නැත. එත්, ”නි” ගේ එක යෝජනාවකට මමද එකඟ වුනෙමි. ඒ මොකක්ද දන්නවාද?
එයාල හතර දෙනාම මාරුවෙන් මාරුවට විවිධ වූ නම් කියනවා, ඉතිං ඒ අතර තුර කුමන හෝ නමකට මම කැමති නම් ”බුරන්න” කියල කරපු යෝජනාවට. ඒකත් හොඳයි නේද? මම ආස කරන නමක් මටම තොර ගන්න පුළුවනි.
නැවතත් නම් කීම ඇරඹුනා. ”තවම මම ආස නමක් කිවුවේ නැනේ” කියා සිතත්ම……….. ”චාලි” කියල කියනවා මට අසුනෙමි. ඉතිඑකෙනෙහිම මම බිරුවෙමි. නැවතත් ”නි” ”චාලි” කියා ඇමතුවාය. මාද නොනවත්වාම බුරන්න ගත්තෙමි. ”ඔයා ඒ නමට කැමතිද? කියා ”නි” මගෙන් ඇසූ විගසම නැවතත් බුරන්න ගත්තෙමි.
”බව් වව් , බව් වව්”. හැමෝම සිනාසුනෝය. ගොඩාක් සතුටුයි. ”එහෙනම්, ඔන්න අද ඉඳලා ඔයාගේ නම තමයි ”චාලි” කියා ”නි” සිටි තැනින් නගිටවිත් මගේ හිස අතගෑවාය. මට හරිම සතුටුයි. දැන් මට නමක් තියෙනවා. ”චාලි” ඔව් අද සිට මම ”චාලි”’. මම සතුටු පිරි සිතින් එහෙ මෙහෙ දුවමින් බුරන්න ගත්තෙමි. හරියට මගේ නම හැමෝටම කියන්න සේ.
