හඳුන්වාදීම
අද නම් හරිම සීතල දවසක්. එත් සුපුරුදු ලෙසම උදෑසන අවඳි වෙලා මගේ යාලු “නි” අවඳි වන තුරු බලාගෙනම ඉන්න ඕන. මොකද ……..? මම හරිම ආසයි එයා අවඳි වූ විගසම අපේ ගෙදර පිටුපස දොරෙන් මා දෙස බල “සුභ උදෑසනක්” කියා බිස්කට් කෑල්ලකුත් සමඟම මං ගාවට එනවට. ඒවගේම “නි” කථා කරනවිට මා නොසිටියහොත් කලබලවී මාව සොයනවා. ඉතිං ඒ නිසා මම ”නි ” ගෙ පැමිණීම බලාපොරොත්තු වෙනවා.
ආ ………., මට ඔයාලට මාව හඳුනලා දෙන්න බැරුව ගියා. මම නමින් ”චාලි ”, ඉපදුනේ 2012 ඔක්තෝබර් මස 28 වෙනි දින. මම ජිවත් වෙන්නේ නගරයේ, මගේ පට කළු සහ ටිකක් දුඹුරු පැහැයයි. මම ජෙර්මන් ෂෙපර්ඩ් වර්ගයට අයත් බල්ලෙක්. ඒ කියන්නේ කකුල් හතරක් තියෙන, දිග කන් දෙකක් තියෙන ඔයාල ගොඩාක් ආදරය කරන සුරතල් බල්ලෙක්.
එතකොට ”නි” තමා මගේ අයිතිකරු. එය කොණ්ඩය දිගට තියෙන, සෙල්ලමට වගේම ඉගෙනීමටත් දක්ෂ, විවිධ වූ හැකියාවන් වලින් පිරි, කරුණාවන්ත, මට ගොඩාක් ආදරය කරන පුංචි ගැහැණු ළමයෙක්.
ඉතිං, දැන් මම ඔයාලට කියන්න යන්නේ මගෙයි, ”නි” ගෙයි එක කතාවක්. අහන්න කැමතියි නේද ?